2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

සම්පන්දන්ගේ විශ්වාසභංගයට මහින්ද තිත තියයි

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 353

I දේශපාලන වාර්තාකරු

විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට සැලැසුම් කර තිබූ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

රටේ ප්‍රධාන විපක්ෂය රජය සමඟ නිල නොවන ලෙස සන්ධානගත වී සිටීම ගැන උතුරේ ජනතාව විසින් දෙමළ ජාතික සන්ධානයට පාඩම් උගන්වමින් සිටින බව වව්නියාව නගර සභාවේ බලය ඔවුනට අහිමි කිරීමෙන්ම පෙනී යන්නේ යැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. දෙමළ ජාතික සන්ධානයට බලය හිමි උතුරු පළාත් සභාවේ ප්‍රශ්න හට ගැනීමටද දෙමළ සන්ධානයේ ක්‍රියා කලාපය බලපා තිබේ. එලෙස ඔවුන්ට උතුරේ ජනතාව නිසි ප්‍රතිචාර දක්වන බැවින් සම්පන්දන් මහතාට එරෙහිව අමුතුවෙන් විශ්වාසභංග ඉදිරිපත් නොකරන්නැයි රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.