2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

නව මුහුණු 26කට එජාපයේ දොර ඇරේ

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 292

දේශපාලන වාර්තාකරු l

එ.ජා.ප. ප්‍රතිසංවිධානයේදී නව තනතුරු 26ක් පමණ නිර්මාණය කෙරෙනු ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේදී පක්ෂ මහලේකම්වරයා පක්ෂ නායකයාගේ අභිමතය පරිදි තෝරාගන්නට තීන්දු කැරිණි. එහෙත් පක්ෂයේ නියෝජ්‍යනායක, උපනායක හා ජාතික සංවිධායක, භාණ්ඩාගාරික ධුරය ඇතුළු සෙසු තනතුරු සඳහා ඡන්දයෙන් සුදුස්සන් තෝරා ගැනීමට දේශපාලන මණ්ඩලය තීරණය කළේය. අප්‍රේල් 30දාට පෙර මෙම තෝරාගැනීම් සිදුකර මැයි දින රැලිය පැවැත්වෙන දිනයේදී ඒවා ප්‍රකාශයට පත් කෙරෙන බවද දේශයට වාර්තා වෙයි.