2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

අලුත් ඇමැති පට්ටම් 6 ක්

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

I දේශපාලන වාර්තාකරු

ඉදිරි සතියේ සිදුවෙතැයි අපේක්ෂා කරන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පුරප්පාඩු වී ඇති කැබිනට් අමාත්‍ය පදවි 06 සඳහා එ.ජා.ප. යෙන් හා ශ්‍රී ල.නි.ප.යෙන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් 06 දෙනකුගේ නම් යෝජනා කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඒ අනුව එ.ජා.ප.යෙන් විජයදාස රාජපක්ෂ, රංජිත් අළුවිහාරේ සහ රංගේ බණ්ඩාර යන මහත්වරුන්ගේ නම් යෝජනා කර තිබේ. ශ්‍රී ල.නි.ප.යෙන් ලක්ෂ්මන් සෙනෙවිරත්න, පියසේන ගමගේ සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ නම් යෝජනා කර ඇතැයි සඳහන් වෙයි. එහෙත් එ.ජා.ප.ය අමාත්‍ය පදවියක් සඳහා නම් කළ රවි කරුණානායක මහතාගේ නම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබිණි. කෙසේ වෙතත් ඒ ගැන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පවත්වනු ඇතැයි කියැවේ.

නව අමාත්‍ය සංශෝධනයත් සමඟ අමාත්‍යංශ ගණනාවක විෂය කාර්යයන්ද වෙනස් කෙරේ. නව විද්‍යානුකූල විෂය බෙදීම අනුව මෙම වෙනස්කම සිදුවනු ඇතැයි සඳහන්ය.  ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්‍රීඩා හා යෞවන කටයුතු, සමෘද්ධි හා මුදල් අමාත්‍යංශ අලුතෙන් නිර්මාණය කෙරෙනු ඇතැයි වාර්තාවේ. ජනමාධ්‍ය අමාත්‍යංශය වෙනම අමාත්‍යංශයක් ලෙස පවත්වාගෙන යෑමට ඉඩ ඇතැයිද ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01