2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

රාජපක්ෂලා සමඟ ආණ්ඩු කරන්න මට බැහැ - දුමින්ද දිසානායක

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

ගයාන් ගාල්ලගේ l

මහින්ද රාජපක්ෂ රජයේ වැරදි ක්‍රියාකලාපය නිසා තමන් එම රජයෙන් එළියට පැමිණි බවත් නැවත එම ආණ්ඩුවේ සිටි පිරිස සමඟ එක්ව ආණ්ඩු හැදීමට තමන් කිසිදු විටෙක සූදානම් නැති බවත් කෘෂිකර්ම අමාත්‍ය ශ්‍රීල.නි.ප. මහලේකම් දුමින්ද දිසානායක මහතා දේශයට පැවසීය.

පැවැති ආණ්ඩුවෙන් එලෙස එළියට පැමිණීම එදා ජනතාව අනුමත කළ නිසා තමන් කිසිදු විටෙක ජනතාවට ද්‍රෝහි නොවන බව හෙතෙම සඳහන් කළේය.

යම් හෙයකින් සියලුදෙනාම එකතු වුවහොත් තමන් එදා නොබියව ආණ්ඩුවෙන් එළියට පැමිණියා සේ මෙවරද කොන්ද කෙළින් තබාගෙන ඍජු තීණයක් ගන්නා බව අමාත්‍යවරයා කීය.

එසේම තමන්ට රාජපක්ෂවරුන් සමග කිසිදු ගැටලුවක් හෝ පෞද්ගලික තරහක් නොමැති බවත් ප්‍රතිපත්ති සම්බන්ධව පමණක් එම ගැටලුව ඇති බවත් දිසානායක මහතා කියයි.

තමන් කිසිදු විටෙක ප්‍රතිපත්තියට විරුද්ධව වැඩ නොකරන පුද්ගලයකු බවත් එහෙතම වැඩිදුරටත් කීය.