2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

ඔක්කොම ඡන්ද මනාප ක්‍රමේට - ඇමති කිරිඇල්ල

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

I ගයාන් ගාල්ලගේ

ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණ මනාප මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකඟ වී ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශයට පැවසීය.

එම එකඟතාවය නිල නොවන මට්ටමින් ලබා දී ඇති අතර මේ පිළිබඳව නිල මට්ටමින් සාකච්ඡා ඉදිරියේ ආරම්භ කරන බව හෙතෙම සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේදී පැවැති අඩුපාඩුකම් රැසක් නිසා පැරණි ක්‍රමය පවත්වාගෙන යාමට පක්ෂ තීරණය කළ බව අමාත්‍යවරයා කීය.