2018 අප්‍රේල් 13 වන සිකුරාදා

ජනපති ක්‍රමය අහෝසියට මහින්දගෙන් කොන්දේසියක්

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 847

දේශපාලන වාර්තාකරු l

ඒකාබද්ධ විපක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සහාය දෙන්නේ එම සංශෝධනය සම්මත වූ වහාම මැතිසබය විසුරුවා හැරීමට රජය එකඟ වන්නේ නම් පමණක් බව දේශයට වාර්තා වෙයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ළඟදීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ යෝජනාව සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 2/3ක බහුතරය අවශ්‍ය වෙයි. මෙහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන් 54 දෙනාගේ සහයෝගය තීරණාත්මකය.

ජ.වි.පෙ. යෝජනාව දේශපාලන කරළියට පැමිණීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීහු මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. එහිදී තීරණය වූයේ ආණ්ඩුව මෙකී යෝජනාව සම්මත වූ වහාම මහ මැතිවරණයක් සඳහා මැතිසබය විසුරුවා හැරීමට එකඟ වන්නේනම් පමණක් යෝජනාවට සහය දීමටයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01