2018 අප්‍රේල් 13 වන සිකුරාදා

ඇමැති සංශෝධනය...! රවීගේ නම ප්‍රතික්ෂේපවෙයි

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 61

රජිත ජාගොඩආරච්චි l

පසුගිය සති කිහිපය තිස්සේ, ආන්දෝලනයට ලක් වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පසුගිය බ්‍රහස්පතින්දා (12) සවස සිදුකිරීමට නියමිත බව පත්‍රය මුද්‍රණය කිරීමට යන අවස්ථාවේ අප වෙත වාර්තා විය. එහෙත් වෙනස්වන තනතුරු පිළිබඳ ඒ වනවිට කරුණු අනාවරණය වී තිබුණේ නැත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැති පිරිසක් රජයෙන් ඉවත් වීමෙන් පුරප්පාඩු වූ තනතුරු පමණක් මෙම සංශෝධනයේදී පිරවෙන බව දැනගන්නට ලැබිණි.ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අවුරුදු සමයේ කොළඹින් බැහැරව සිටින නිසා ‍සෙසු ශෝධන පසුව සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී එජාපයෙන් කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාදීමට යෝජනා කළ රවි කරුණානායක මහතාට ඇමැතිධූරයක් ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවද දේශයට වාර්තාවිය.
මේ හැර හර්ෂණ රාජකරුණා, අජිත් මාන්නප්පෙරුම, එස්.එම්. මරික්කාර්, නලීන් බණ්ඩාර සහ බුද්ධික පතිරණ යන අයට ඉදිරි‍යේදී නියෝජ්‍ය යෝජ්‍ය අමාත්‍ය ධුර ලැබෙනු ඇතැයිද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.