2017 ජනවාරි 14 වන සෙනසුරාදා

මන්ත්‍රීකම කවදාදැයි දන්නෙ නෑ

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

 

- හසන් අලි

මුස්ලිම් කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ සාමාජික හසන් අලි මහතාට ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමිවන බව මාධ්‍ය තුළින් ප්‍රකාශ වුවත් එවැනි පත්වීමක් පිළිබඳව අවසන් තීරණයක් පක්ෂය ගෙන නොමැති බැවින් තමාට එම ධූරය ලැබෙනුයේ කවදාදැයි නොදන්නා බව හසන් අලි මහතා දේශයට පැවසීය.

තමාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමිවීම සම්බන්ධයෙන් පක්ෂ උත්රීතර මණ්ඩලය සහ පක්ෂ නායකයා තීරණයක් ගනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් කීය. පක්ෂයේ අලුතෙන් ඇතිකරන ලද මහලේකම් ධූරය සම්බන්ධයෙන් අප කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් හසන් අලි මහතා කියා සිටියේ පක්ෂ මහසමුළුවේ දී එම ධූරය සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවයි.

(සකීෆ් සාම්)