2018 මාර්තු 17 වන සෙනසුරාදා

ඇමැති රිෂාඩ්ගෙන් කර්මාන්ත ගලවන්න - වාණිජ කර්මාන්ත මණ්ඩලය

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 329

I රජිත ජාගොඩ ආරච්චි

කාලයක් පුරාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයෙන් දේශීය කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් නොලැබීම නිසා කර්මාන්ත වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් අැතිකර, වාණිජ අමාත්‍යංශයෙන් කර්මාන්ත විෂය ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල ෆෙඩරේෂණයේ සභාපති සරත් කහපොළආරච්චි මහතා දේශයට පැවසීය.

ඔහු පෙන්වාදුන්නේ බැංකු පහසුකම් ලබාගැනීම ආදී අත්‍යවශ්‍ය සේවා සපයා ගැනීමේදී පවා විශාල දුෂ්කරතාවලට මුහුණදීමට දේශීය කර්මාන්තකරුවන්ට සිදුව ඇති බවය. එවැනි පහසුකම් ලබාදීම සඳහා දැනට පවතින කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයේ නිසි මැදිහත්වීමක් නොමැති බවටද ඔහු චෝදනා කළේය.

චීනය හා ඉන්දියාව වැනි මහා පරිමාණ කර්මාන්තකරැවන් සිටින රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම්වලට පිවිසීමට රජය සැලසුම් සකස් කරමින් සිටින මොහොතක දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට නිසි පියවර නොගතහොත් රටේ ආර්ථිකයට ඉන් පිරිමැසිය නොහැකි අඩුපාඩුවක් සිදුවිය හැකි බවද කහපොළආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

දැනට කර්මාන්ත හා වාණිජ අමාත්‍ය ධුරය දරන්නේ රිෂාඩ් බදුර්දීන් මහතාය.