2018 මාර්තු 03 වන සෙනසුරාදා

අගමැතිට එරෙහිව ඒකාබද්ධෙන් විශ්වාසභංගයක්

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 346

දේශපාලන වාර්තාකරු l

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

මේ ගැන කරුණු පැහැදිලි කරමින් දේශයට විශේෂ ප්‍රකාශයක් කළ රාජපක්ෂ මහතා වත්මන් රජය මේ වනවිට පාර්ලිමේන්තුව, ආණ්ඩුව හා ආර්ථිකය යන තුනම අස්ථාවර තත්ත්වයට පත්කර ඇතැයි සඳහන් කළේය. මේ කරුණු සැලකිල්ලට ගෙන අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉක්මනින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

පවතින වාතාවරණය යටතේ තවදුරටත් රට ඉදිරියට ගෙනයාමට නොහැක. පසුගිය පළාත් පාලන ඡන්දයේදී ජනතාව ඒකාබද්ධයට පැහැදිලි ජනවරමක් ලබාදී ඇතැයිද රාජපක්ෂ මහතා සඳහන් කළේය. විශ්වාසභංගයට අදාළ කටයුතු දැනටමත් සැලසුම් කරමින් සිටින බවද හෙතෙම පැවසීය.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00