2018 මාර්තු 03 වන සෙනසුරාදා

බැංකු පොලිය ළඟදීම නගී

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 423

I සංජීවිකා සමරතුංග

ඉදිරි සති කිහිපය තුළ බැංකු පොලී අනුපාතය තවත් 1%කින් පමණ ඉහළ යා හැකි බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.

හේතු  ගණනාවක් නිසා මහ බැංකු මුදල් සංචිතය ඩොලර් මිලියන 500කින් පමණ අඩුවීම, දේශීය බැඳුම්කරවල පොලිය ඉහළ යාම ආදී කාරණා හේතුවෙන් බැංකු පොලිය ඉහළ යන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

පසුගිය වසරේ ඉන්ධන ආනයනය සඳහා අපේක්ෂිත මුදලට වඩා ඩොලර් මිලියන 900ක් පමණ වැඩිපුර වැයවීම හා රත්තරන් ආනයන වියදම ඩොලර් මිලියන 500කින් ඉහළ යාමත් නිසා විදේශ විනිමය මත පීඩනයක් හටගෙන තිබේ.

රටේ සමස්ත ආනයන වියදම ද පෙර වසරට සාපේක්ෂව ඩොලර් බිලියන 2කින් පමණ ඉහළ ගොසිණි. මෙම පසුබිමේ පවතින මූල්‍ය හිඟය නිසා බැංකු පොලී අනුපාතය ඉදිරියේදී 1%කින් ඉහළ යාම අනිවාර්ය බව කියැවේ.