2018 මාර්තු 03 වන සෙනසුරාදා

සොයාබලා මිස තීන්දුවක් ගන්නේ නෑ - සම්පන්දන්

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

 

I රජිත ජාගොඩආරච්චි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවක් පිළිබඳ කරුණු සොයා බැලීමකින් තොරව ඡන්දය දීමට තීන්දුවක් ගත නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා දේශයට පැවසීය.

පාර්ලිමේන්තුවට එවැනි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරුණහොත් එම යෝජනාවට අදාළව පෙළගස්වා ඇති කරුණු පිළිබඳ මනා හැදෑරීමකින් සහ දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අදහස් විමසීමෙන් අනතුරුව ඊට අදාළව දෙමළ ජාතික සන්ධානය ඉදිරි පියවර ගන්නා බවද ඔහු කීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01