2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ශ්‍රීල.නි.ප. ඒකාබද්ධ රහස් කතා යළිත්

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නැවත වරක් රහසිගතව සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ. මේ කාරණය සම්බන්ධව මෙයට පෙර පැවති සාකච්ඡා අඩාල වීමෙන් පසු නැවතත් ජනාධිපතිවරයාට ඉතා සමීප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ මූලිකත්වයෙන් සාකච්ඡාව ආරම්භ කර ඇතැයි ඊට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.

මෙම කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් සඳහා අවශ්‍ය පසුබිම සකසමින් සිටී. මෙයට පෙර පැවති සාකච්ඡා අසාර්ථක වූයේ ඒකාබද්ධ විපක්ෂය තනතුරු භාර ගැනීම ප්‍රතික්ෂේප කළ නිසාය. මේ වනවිටත් ඔවුන්ගේ එම ස්ථාවරය වෙනස් වී නැතැයි කියැවේ.

මෙම සාකච්ඡා මාලාවේ තීරණාත්මක සාකච්ඡාවක් සිකුරාදා රාත්‍රී කොළඹදී පැවැත්විණ. එහිදී දෙපක්ෂය අතර එකඟතාවක් ඇති කරගන්නට ඉතා සරල නව කොන්දේසි කිහිපයක් සකස් කිරීම දැනටමත් සිදුකර හමාර බවද අදාළ අමාත්‍යවරයා කීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01