2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

එජාපයේ කැපෙන්න යන ඇමැති දෙදෙනා!

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

I සංජීවිකා සමරතුංග

යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී විශේෂ කාර්යභාර ඇමැති පදවි ලැබෙන්නට යන වත්මන් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනා කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු බව වාර්තා වෙයි.

මේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනාම එ.ජා.පය නියෝජනය කරන අයයි. ඉන් එක් අයෙක් 1977 සිට ද අනෙක් ඇමැතිවරයා 1978 සිට ද පාර්ලිමේන්තුව නියෝජනය කරති. ඒ අය දරන තනතුරු වෙනුවට විශේෂ කාර්ය ඇමැති පදවි බාරගැනීමට එකඟ කරගන්නා ලෙස එ.ජා.පය සිය පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගණනාවකට දැනුම් දී ඇතැයි කියැවේ.