2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

මෛත්‍රීගෙන් මහින්දට ආරාධනයක්

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 761

දේශපාලන වාර්තාකරු l

පවතින දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට තමන් හමුවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් දුන් මෛත්‍රිපාල සිරිසේන මහතා රජයක් පිහිටුවීමේදී ඒකාබද්ධය ගන්නා ස්ථාවරය විමසා ඇත. එවිට රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ තම කණ්ඩායම රජයක් පිහිටුවීමේදී කිසිදු තනතුරක් භාර නොගෙන පිටත සිට සහය දෙන්නට තීන්දු කළ බවයි. එබැවින් අවශ්‍ය කටයුතු කරගෙන යන ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට පැවසූ රාජපක්ෂ මහතා නායක හමුව පසුව සිදුකරමු යැයි ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇතැයි කියැවේ.