2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

කැබිනට් මාරුවක් අද හෙටම

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 681

දේශපාලන වාර්තාකරු l

ඉදිරි සති කිහිපය තුළ ප්‍රබල අමාත්‍ය මණ්ඩල වෙනසක් සිදුවන බවට රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ගණනාවක්ම දේශයට කීහ.රටේ ප්‍රධාන පෙළේ විෂයයන් කිහිපයක් වෙනත් අමාත්‍යවරුන්ට පැවරීමට ඉඩ ඇතැයි ඔවුහු සඳහන් කරති. මෙම අමාත්‍ය මණ්ඩල වෙනසට පෙර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒ ගැන සාකච්ඡා කොට තීන්දුවක් ගනු ඇතැයිද අදාළ අමාත්‍යවරු කීහ.

පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පසුව රටේ ආර්ථිකය මෙහෙයැවීම ඇතුළු කාරණා ගණනාවක් තමන්ගේ ඍජු අධීක්ෂණය යටතට ගන්නා බව ජනාධිපතිවරයා මෙයට පෙර ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව දෙපාර්තමේන්තු හා තවත් රාජ්‍ය වාණිජ ආයතන ගණනාවක මුල් පුටු වෙනස් විය හැකි බවද අදාළ අමාත්‍යවරු කීහ.