2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

අර්ජුන මහේන්ද්‍රන් නාවොත් ජාත්‍යන්තර වරෙන්තු

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 177

I සංජීවිකා සමරතුංග

මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසිය අනුව මෙම මස 15 දිනට පෙර හිටපු මහ බැංකු අධිපතිවරයා රහස් පොලීසිය හමුවේ පෙනී නොසිටියහොත් ඔහුට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කෙරෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

උදර්පන නීතිය යටතේ මේ ගැන ගත හැකි පියවරද දැනට නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනය කරමින් සිටින බව වැඩිදුරටත් දැනගන්නට ඇත. මෙබඳු නෛතික ප්‍රශ්නවලට අදාළව සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර පවතින ජාත්‍යන්තර ගිවිසුම් හා එකඟතා අනුව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් නීති කටයුතු මෙහෙයවීම සිදුකෙරෙනු ඇති බවද දේශයට වාර්තා වෙයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01