2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

පක්ෂ මාරු කළත් මන්ත්‍රීකම ෂේප්

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

I රජිත ජාගොඩ ආරච්චි

නව පළාත් පාලන මැතිවරණ නීති රීතිවලට අනුව ඡන්දයෙන් පත්වන සභිකයන් පක්ෂ මාරු කළ පමණින් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි නොවන බව දේශය කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

එසේ වුවද පළාත් පාලන අායතනයකට තේරී පත්වන යම් නියෝජිතයකු වෙනත් පක්ෂයක් සමඟ එක්වූ අවස්ථාවක ඔහු හෝ ඇය පළාත් පාලන ආයතනයට තේරී පත්වුණු පක්ෂය විසින් ඔහුගේ හෝ ඇයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළහොත් මන්ත්‍රී ධූරය ද ඉබේම අහෝසි වී යන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් එවිට පුරප්පාඩු වන මන්ත්‍රී ධූරය සඳහා යළි සභිකයකු පත්කර ගැනීමට අතුරු මැතිවරණ නොපවත්වන බවත් මුල් පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂක ලැයිස්තුවෙන් කෙනෙක් තෝරා පත්කර ගැනීම සිදුවන බවත් රත්නායක මහතා අවධාරණය කළේය.