2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

නව සොලිසිටර් ජනරාල් දප්පුල

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

I දේශපාලන වාර්තාකරු

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස ලබන සතියේ පත් කෙරෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මෙතෙක් සොලිසිටර් ජනරාල් පදවිය දැරූ ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතා 12දා (හෙට) විශ්‍රාම ලබනු ඇත. ඉන් අනතුරුව ඔහු පීජී රාජ්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස ක්‍රියා කිරීම සඳහා එරටට පිටත්ව යයි.

අභිනවයෙන් සොලිසිටර් ජනරාල් ධුරයට පත්වන ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා දශක තුනක් පමණ කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර පසුගියදා අවසන් වූ සුප්‍රකට බැඳුම්කර ජනාධිපති කොමිසමේ පැමිණිල්ල මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වූයේද ලිවේරා මහතාය.