2018 ජනවාරි 20 වන සෙනසුරාදා

ඡන්ද අපේක්ෂකයන්ගේ ඥාතීන්ට මාරු

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 32

I ගයාන් ගාල්ලගේ

යම් රාජ්‍ය සේවකයකුගේ ඥාතියකු එම රාජ්‍ය සේවකයා රැකියාව කරන බල ප්‍රදේශයෙන් ඡන්දයට ඉදිරිපත්වෙනවා නම් අදාළ රාජ්‍ය සේවකයාට කිලෝමීටර් 20කින් එහාට මාරුවක් හිමිවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

එම මාරුව පිරිසිදු සහ සාධාරණ මැතිවරණයක් උදෙසා සිදුකරන දෙයක් බවත් එසේ නොවුවහොත් අදාළ රාජ්‍ය සේවකයන් සිය අපේක්ෂකයාට සිය බලය යොදා සහයෝගය දිය හැකි බවත් කොමිසම සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට එලෙස සේවය කරන රාජ්‍ය සේවකයන් රැසකට මාරුවීම ලබාදී ඇති බව දැනගන්නට ඇත.