2018 ජනවාරි 20 වන සෙනසුරාදා

තනියම ආණ්ඩු හදන්න පක්ෂ දෙකම බරට වැඩ

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

I සංජීවිකා සමරතුංග

පළාත් පාලන මැතිවරණයෙන් පසුව තනි තනිව ආණ්ඩුව පිහිටුවීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම තිරය පිටුපස ප්‍රබල මෙහෙයුමක් දියත් කර තිබේ.

තනිව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය යන මතය වඩාත් ප්‍රබලව ඉස්මතු කර ඇත්තේ එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් 20කගෙන් පමණ සමන්විත කණ්ඩායමකි. ඔවුන් මේ ගැන පක්ෂ නායකත්වයට හා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ට පසුගිය සතියේ දැඩි බලපෑමක් කර ඇතැයි සඳහන්ය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂයට යෝජනාවක් එවා තිබේ. ඊට මූලිකත්වය ගෙන ඇත්තේ ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පස් දෙනෙක් පමණය. එහි ආරම්භක පියවරට ඉදිරි පළාත් සභා ඡන්දයට ශ්‍රීල.නි.ප.ය හා ඒකාබද්ධ විපක්ෂය එක්විය යුතු යැයි ශ්‍රීල.නි.ප.ය කළ යෝජනාවට ඒකාබද්ධය මේ වනවිටත් සාර්ථක ප්‍රතිචාර දක්වා ඇතැයි කියැවේ.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00