2018 ජනවාරි 20 වන සෙනසුරාදා

ශ්‍රී.ල.නි.ප. එ.ජා.ප. අලුත් ගිවිසුමක්?

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

I ගයාන් ගාල්ලගේ

එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසුව යහපාලන රජය තවදුරටත් විධිමත් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර නව ගිවිසුමකට එළඹීමට නියමිතව ඇතැයි එජාපයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් (දේශයට) පැවසීය.

මේ වනවිට යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය ඉක්මවා ගොස් ඇති නිසාත් එසේම පක්ෂ දෙක අතර යම් යම් සිත් බිඳීම් සිදුවී ඇති නිසාත් එම ගැටලු නිරාකරණය කොට මෙම ගිවිසුම අලුත් කරන බව හෙතෙම සඳහන් කළේය.

ඊට පෙර මැතිවරණයෙන් පසු පක්ෂ දෙක අතර සාකච්ඡාවක් සිදුකෙරෙන බවද ඔහු කීය. ඒ සඳහා පක්ෂ දෙකෙන් කණ්ඩායම් දෙකක් පත්කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.