2018 ජනවාරි 20 වන සෙනසුරාදා

දේශපාලන පොරපිටිය

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

I ගයාන් ගාල්ලගේ

දිනන්නේ එජාපයයි - ජෝන් අමරතුංග 

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සියයට 45කින් බහුතර බලය ගෙන ජයග්‍රහණය කරන බව සංචාරක කටයුතු හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා (දේශයට) පැවසීය.

මෙය ස්වාධීන සමීක්ෂණයකින් තහවුරු වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එසේම මහින්ද රාජපක්ෂ සියයට 25ක් ගන්නා බවත් ඉතිරිය අනෙකුත් පක්ෂවලට බෙදී යන බවත් හෙතෙම කීය.
කෙසේ වෙතත් මේ ඡන්දයේදී අණ්ඩු බලය හිමි එජාපයට ගමේ ජනතා බලය හිමිවෙන බව අමාත්‍යවරයා පැවසීය.

පොහොට්ටුව පිපෙන්නේ පෙබරවාරි 11 දා - ජනක තෙන්නකෝන්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සියයට 75කින් පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කරන බව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දේශයට පැවසීය.

ගමේ ජනතාව ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි කලකිරීමෙන් සිටින නිසා, ඒ සඳහා හොඳම විකල්පය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ බැවින්, ජනතාව කැමැත්තෙන් මෙවර ඡන්දය ප්‍රකාශ කරන බවත් හෙතෙම සඳහන් කළේය.

එජාපයේ කුමන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළත් සැබෑ ජයග්‍රහණය පෙබරවාරි 11 වැනිදා උදෑසන දැකගත හැකි බව මන්ත්‍රීවරයා කීය.