2018 ජනවාරි 13 වන සෙනසුරාදා

බැඳුම්කරයට ගෑවුණු නම් 30 ක් එළියට!

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1542

I දේශපාලන වාර්තාකරු

මහබැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව තහවුරු වූ තැනැත්තන් 30 දෙනෙකුගේ පමණ නම් ගම් ඇතුළත්යැයි ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

එම නම් 30 අතර කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ගණනාවකගේ නම්ද ඇතුළත් යැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. මහ බැංකුවේ සහ සේවක අර්ථසාධක අරමුදලේ වගකිවයුත්තන් ගණනාවක් සම්බන්ධයෙන්ද එහි සඳහන් වන බව කියැවේ.

මෙහි සවිස්තර තොරතුරු ඇතුළත් බැඳුම්කර වාර්තාවේ පිටපත් 26ක් තවත් සතියකින් මැතිසබයට ඉදිරිපත් කිරීම සඳහා දැනට මුද්‍රණ කටයුතු සිදුකෙරෙමින් ඇතැයි දැනගන්නට තිබේ.