2018 ජනවාරි 13 වන සෙනසුරාදා

බැඳුම්කර වාර්තා සිංහලට දාන්න මාසයක් ඕනෑලු

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

ගයාන් ගාල්ලගේ l

ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර කොමිසමේ වාර්තාව භාෂා තුනෙන් පරිවර්තනය කොට ලබාදීම සඳහා අවම මාසයක කාලයක් ගතවන බව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශයෙන් මේ පිළිබඳව  කළ විමසීමේදී ඒ බව දන්වා ඇතැයි සඳහන් වේ.

පිටු 1257කින් සමන්විත මෙම වාර්තාව භාෂා තුනෙන් පරිවර්තනය කොට එය මණ්ඩල තුනකට දමා සෝදුපත් කියවිය යුතු බව දන්වා ඇත. ඒ අනුව මේ වැඩපිළිවෙළට මසක කාලයක් ගත වන බව එම දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

කෙසේ වෙතත් මෙම දෙපාර්තමේන්තුව මීට පෙර හම්බන්තොට ණය ගිවිසුමද පරිවර්තනය කළ අතර කිහිප වතාවක් නිවැරදි කිරීම් සිදුකිරීමට සිදුවූ බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00