2018 ජනවාරි 13 වන සෙනසුරාදා

ගුටි කෙළගත් මන්ත්‍රීන්ට වැඩ වරදියි

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

I සංජීවිකා සමරතුංග

බැඳුම්කර වාර්තාව සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවූ පසුගිය 10 වැනිදා ඇති වූ කලහකාරී සිද්ධියේදී විනය විරෝධීව හැසිරුණ මන්ත්‍රීවරුන්ට එරෙහිව වරප්‍රසාද කමිටු නිර්දේශ මත දැඩි විනය පියවර ගැනීම සඳහා කතානායකවරයාගේ නියෝගයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඒ සඳහා අදාළ වීඩියෝ පට පරීක්ෂා කරන අතර අනතුරුව කලහයට සම්බන්ධ මන්ත්‍රීන් ගැන කතානායකවරයා පූර්ණ වාර්තාවක් සැපයෙනු ඇතැයි දැනගන්නට තිබේ.

එම වාර්තාව කතානායකවරයා විසින් අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති වරප්‍රසාද පිළිබඳ කමිටුවට යොමුකොට අදාළ මැති ඇමැතිවරුන්ට එරෙහිව ගත යුතු විනය පියවර තීන්දු කිරීමට නියමිත බව වාර්තා වෙයි.