2018 ජනවාරි 06 වන සෙනසුරාදා

පුංචි ඡන්දයේ වියදම ඩබල්

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

I සංජීවිකා සමරතුංග

යෝජිත පළාත් පාලන ඡන්දය සඳහා දරන්නට සිදුවන වියදම මහ මැතිවරණ වියදමෙන් දෙගුණයකටත් වඩා වැඩි බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

සාමාන්‍යයෙන් මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 250ක පමණ වියදමක් දරන්නට සිදුවන නමුත් මෙවර පළාත් පාලන ඡන්දය සඳහා රුපියල් කෝටි 500කට අධික මුදලක් වැයවෙතැයි මහා භාණ්ඩාගාරය ගණන් බලා තිබේ.

පළාත් පාලන මන්ත්‍රීන් ගණන 4486 සිට 8346ක් දක්වා වැඩිවීම මෙලෙස ඡන්ද වියදම දෙගුණ වීමට හේතුවී ඇතැයි කියැවේ. මෙවර මැතිවරණයේදී ඡන්ද ගණන් කිරීම ද ඡන්ද මධ්‍යස්ථානයේදීම සිදුකරන බැවින් එයට ද අතිරේක විදයමක් දැරීමට සිදුවෙයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01