2018 ජනවාරි 06 වන සෙනසුරාදා

වංචා දූෂණ, උසාවි පෙබරවාරියේ

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 188

I ගයාන් ගාල්ලගේ

දූෂණ වංචා පිළිබඳ පැමිණිලි විභාග කිරීම සඳහා අලුතින් පිහිටුවන ලද විශේෂ මහාධිකරණ තුන එළඹෙන පෙබරවාරි මස මුලදී ආරම්භ කරන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මූල්‍ය අපරාධ කොට්ඨාශය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිෂන් සභාවල පැමිණිලි විභාග කිරීම මෙම මහාධිකරණ තුන හරහා සිදුකෙරෙන බව සඳහන් වේ.

මේ විශේෂ මහාධිකරණය සඳහා කැබිනට් අනුමැතිය මේ වනවිට ලැබී ඇත.