2018 ජනවාරි 06 වන සෙනසුරාදා

ඉතිහාස ගතවෙන වැඩක් - ලක්ෂ්මන් යාපා අබේවර්ධන (බැඳුම්කර කොමිෂන් වාර්තාව)

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර වංචාව සෙවීම සඳහා පත්කළ කොමිසමේ අවසන් වාර්තාව එතුමා විසින්ම ප්‍රසිද්ධ කිරීම මේ රටේ දේශපාලනයේ නව පරිච්ඡේදයක ආරම්භයක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දේශයට පැවසීය.

මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ යෝජනාවක් පරිදි ජනාධිපතිවරයා විසින් පත්කළ බවත් එම කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ අණපනත් මඟින් සංශෝධනය කළ යුතු කරුණු පවා හෙළිදරව් කර තිබීම වැදගත් කරුණක් බවත් ඒ මහතා සඳහන් කළේය. මෙය මුල් පියවරක් වන හෙයින් ඉදිරියේදී වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම ද නීතිය හරහා සිදුවන බව අමාත්‍යවරයා කීය.