2018 ජනවාරි 06 වන සෙනසුරාදා

යහපාලන ආණ්ඩුවේ ජයග්‍රහණයක් - නලින් බණ්ඩාර (බැඳුම්කර කොමිෂන් වාර්තාව)

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

එක්සත් ජාතික පක්ෂ මූලික ආණ්ඩුවක් තුළ මෙම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළිදරව් කිරීම යහපාලනය සුරකින රජයක ජයග්‍රහණයක් බව කුරුණෑගල දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා දේශයට පැවසීය.

මෙම විමර්ශනය සිදුකරන ලෙසට මූලික ආරම්භය එක්සත් ජාතික පක්ෂය විසින් ගත් බවත් මේ ගැන විමර්ශනය කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුවට අග්‍රමාත්‍යවරයා උපදෙස් දුන්නේ 2016 නොවැම්බර් 02 වැනි දා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය මඟින් අග්‍රමාත්‍යවරයා වැරදිකරුවකු කිරීමට උත්සාහ කළ බොහෝ අයට වාර්තාව මඟින් ඔහු නිවැරදිකරුවකු බව තහවුරු කර ඇති බව දැනගත හැකියයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.