2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කොඩිවින කරලා!

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 559

I ගයාන් ගාල්ලගේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලයේ දරුණු ලෙස පරාජයට පත්වීමට හේතුවූයේ විදේශ රටක් විසින් සිදුකරන ලද කොඩිවින හේතුවෙන් බව ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අනාවැකි කියන්නියක් ලෙස ප්‍රකට ගංගා සුදර්ශනී මහත්මිය (දේශයට) පැවසුවාය.

ඒ ගැන තමන් 2011 වසරේ සිට අනාවැකි පැවැසූ නමුත් මෑතක් වනතුරු කිසිදු බලධාරියෙක් ඒ පිළිබඳව නිසි අවධානය යොමුකළේ නැතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කෙසේ වෙතත් වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබඳව අවධානය යොමුකර තමන් හමුවීමට පැමිණි අවස්ථාවේ එම කරදරකාරී බලපෑම් ඉවත් කිරීමට තමන්ට හැකියාවක් පවතින බව පැවසුවේ යැයි ඇය වැඩිදුරටත් කීය.

දැනට පවතින තත්ත්වය අනුව ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ කාලය පැමිණෙමින් ඇතැයි පැවසිය හැකි බවද ගංඟා සුදර්ශනී මහත්මිය කීවාය.