2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

සම්පන්දන්ගේ රැස්වීම් ස්කයිප්, යූ ටියුබ් පමණයි

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28

දේශපාලන වාර්තාකරු l

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද රැස්වීම් ඇමතීම සඳහා ස්කයිප් තාක්ෂණය හා (යූ ටියුබ්) යොදාගැනීමට දෙමළ ජාතික සන්ධාන නායක හා විපක්ෂනායක ආර්. සම්පන්දන් තීරණය කර තිබේ. 

ඒ අනුව උතුරු නැගෙනහිර පැවැත්වෙන දෙමළ සන්ධානයේ සියලු රැස්වීම් ඇමතීම සඳහා විපක්ෂ නායකවරයා මෙම තාක්ෂණය උපයෝගී කර ගනු ඇත.

මෙසේ තාක්ෂණය උපයෝගී කරගෙන රැස්වීම් ඇමතීමට සම්පන්දන් මහතා තීන්දු කර ඇත්තේ අසනීප තත්ත්වයෙන් පසුවන නිසා රැස්වීම් ඇමතීමෙන් වළකින ලෙසට ලබාදී ඇති වෛද්‍ය උපදෙස් අනුවය.