2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

වලියට බර ඡන්ද කොට්ඨාස හඳුනා ගැනේ

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 49

I සංජීවිකා සමරතුංග

පළාත් පාලන මැතිවරණයේදී අර්බුදකාරී සිදුවීම් හටගැනීමට ඉඩ ඇති ඡන්ද බල ප්‍රදේශ හඳුනාගැනීමට පොලීසිය විශේෂ සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අතීත මැතිවරණ මෙහෙයුම් වාර්තා අනුව නිතර නිතර අර්බුදකාරී තත්ත්ව හටගන්නා ඡන්ද බල ප්‍රදේශ හඳුනාගැනීම මෙම සමීක්ෂණයේ අරමුණයි.

අර්බුද හටගත හැකි බවට සැක කෙරෙන ඡන්ද බල ප්‍රදේශවලට වැඩිදුර ආරක්ෂාවක් සැපයීම මෙකී වාර්තා ලබාගැනීමෙන් පසුව සිදුකෙරේ.

මැතිවරණ ආරක්ෂක මෙහෙයුම් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීන් 60,000ක් පමණ මැතිවරණයේ ආරක්ෂාව සඳහා යෙදවීමට දැනටමත් සැලසුම් කර ඇත.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01