2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

මන්ත්‍රී කරණම් දෙකක් අත ළඟ

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 912

I දේශපාලන වාර්තාකරු

ඉදිරි සතියේ තවත් පක්ෂ මාරු දෙකක් සිදුවිය හැකි බවට දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර යමින් තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්‍ත්‍රීවරයකු ශ්‍රීල.නි.ප.යටත් ශ්‍රීල.නි.ප රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හොබවන ජ්‍යෙෂ්ඨයකු ඒකාබද්ධ විපක්ෂයටත් එක්වනු ඇත යන්න මෙම ආරංචි මාර්ග කියයි.

රජයට එක්වීම සඳහා ශ්‍රීල.නි.ප.ය සමඟ සාකච්ඡා කර ඇති ජ්‍යෙෂ්ඨයා අමාත්‍ය ධූරයක් අපේක්ෂා කරන බව කියැවේ. ඔහු රාජපක්ෂ රජයේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. විපක්ෂයට යෑමට අපේක්ෂා කරන නියෝජ්‍ය අමාත්‍යවරයා දුෂ්කර පළාතක් නියෝජනය කරන්නෙකි.

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගැන පැතිර යන මෙබඳු ආරංචියක් සම්බන්ධව ඔහුගෙන් විමසූවිට හෙතෙම සඳහන් කළේ තමන් කණ්ඩායමක් වශයෙන් මිස තනිව කිසිදා පක්ෂ මාරු කර නැති බවය.