2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ගපූර් විනිසුරුට ව්‍යවස්ථා සභා අනුමැතිය නැහැ

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

I සංජීවිකා සමරතුංග

ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයකට පත් කරන ලෙස නිර්දේශ කරන ලද අභියාචනාධිකරණ විනිසුරු එම්.එම්.ඒ. ගපූර් මහතාගේ නම ප්‍රතික්ෂේප කිරීමට පසුගියදා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීන්දු කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම තීන්දුව ගෙන ඇත්තේ කිසිදු බෙදීමකින් තොරව ඒකමතිකවය. 

යෝජිත ගපූර් මහතාගේ ජ්‍යෙෂ්ඨකම සහ අතීත ක්‍රියාකලාපය නිසා ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමටත් ඒ වෙනුවට අලුත් නාම යෝජනාවක් එවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කළේය.