2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

විමල්ගේ පක්ෂය පොහොට්ටුව එක්ක කොක්කක!

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

I ගයාන් ගාල්ලගේ

පළාත් පාලන මැතිවරණයේ දී සභික නියෝජනය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මතගැටුමක් උද්ගතව ඇතැයි එම පක්ෂ දෙකෙහි ජ්‍යෙෂ්ඨයෝ (දේශයට) පැවසූහ.

ජාතික නිදහස් පෙරමුණ විසින් පළාත් පාලන මැතිවරණය සඳහා සභිකයන් හාරසිය ගණනකට අවස්ථාව ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීමක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇතැයි සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම ගැටුමේ දී ජාතික නිදහස් පෙරමුණේ සංවිධායක පියසිරි  විජේනායක යොදවා ගනිමින් සිය අපේක්ෂකයන් පොදුජන පෙරමුණට හරවාගැනීමට උත්සාහයක් සිදුකරමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය. මේ නිසා පියසිරි විජේනායක මහතා පක්ෂ නායකත්වය කිසිදු හේතුවකින් තොරව විවේචනය කරමින් පහරදෙන බවත් ඉදිරියේ දී ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සාමාජිකයා වැඩිදුරටත් කීය.

ජාතික නිදහස් පෙරමුණ ඉල්ලන සභිකයන් හාරසිය ගණන ලබාදීම කෙරෙහි තවදුරටත් සිතා බැලිය යුතු බව එහි සාමාජිකයෙක් පැවසීය.

කෙසේ වෙතත් මෙම  පක්ෂ දෙකෙහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතර ඇතිව තිබෙන මෙම  මතගැටුම නිසා නිදහස් පෙරමුණේ සාමාජිකයන් පොදුජන පෙරමුණේ වැඩ කටයුතු මඟහරින තැනට පැමිණ ඇති බවත් වාර්තා විය.