2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

සඟරුවන හම්බන්තොට වරායේ සත්‍යග්‍රහයක

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

 

හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් සහ වරාය චීන අයෝජකයන්ට දිගුකාලීන බදු පදනමින් පවරාදීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ අනුග්‍රහයෙන් භික්ෂූන් වහන්සේලාගේ සත්‍ය ග්‍රහයක් ලබන 05දා හම්බන්තොට වරාය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මේ සඳහා මහා සංඝරත්නය දහස් නමක් පමණ සහභාගි වන බව එහි සංවිධායක කමිටු ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

පින්බිම නොරටුන්ට නොපවරනු යන තේමාවෙන් සත්‍යග්‍රහය පැවැත්වෙන බවද සංවිධායකවරයා සඳහන් කළේය.

මාතර, හම්බන්තොට, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල මහා සංඝරත්නය සත්‍යග්‍රහයට එක්වන බව දේශයට වාර්තා වෙයි. හම්බන්තොට ප්‍රදේශයේ පුරාණ විහාරස්ථාන ගණනාවකට අයත් දේපොළ මෙම ව්‍යාපෘතිය නිසා අහිමිවන බව පවසමින් ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේලාද සත්‍යග්‍රහයට අනුග්‍රහය දක්වන වග සංවිධායක කමිටු ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

දේශපාලන වාර්තාකරු I