2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

අධ්‍යාපනයට සංවර්ධනයට අත දෙන අයවැයක් - ඇමැති රන්ජිත් මද්දුමබණ්ඩාර

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

ගයාන් ගාල්ලගේ l

මෙවර අයවැය වර්තමානයට වඩා අනාගතය අරමුණු කොටගත් ඉතාහොඳ අයවැයක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා “දේශයට” පැවසීය.

ඉතිහාසයේ සංවර්ධනය සඳහාත් විශේෂයෙන් අධ්‍යාපනය සඳහාත් වැඩිම මුදලක් වෙන්කළ අයවැය ලෙස මෙය ඉතිහාසගත වන බව හෙතෙම සඳහන් කළේය.

අයවැයකට පෙර සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවුණත් මෙවර අයවැයට පෙර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල විශාල වශයෙන් පහත හෙළා ඇති බවත් එය විශේෂ අවස්ථාවක් බවත් අමාත්‍යවරයා කීය.

විශාල ණය උගුලක හිරවී තිබූ රටක තෙවැනි අයවැයක් ඉදිරිපත් කිරීම හරහා ඉදිරියේදී දේශීය ව්‍යාපාරිකයාත්, දේශීය ගොවියාත් ඉහළ තැනකට ගෙනඒමට අවස්ථාව උදාවන බව මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා පැවසීය.

 

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01