2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

පුංචි ඡන්දයට කොක්කක්

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 154

 

පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුත්තේ කවර ඡන්ද ක්‍රමයක් අනුවදැයි ඒ ඒ දේශපාලන පක්ෂවල මතය විමසීමට රජය තීරණය කර තිබේ.

දැනටමත් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුත්තේ පැරුණි අනුපාත ක්‍රමයට බව එ.ජා.ප.ය ප්‍රමුඛ පක්ෂ ගණනාවක් ප්‍රසිද්ධියේම පවසා ඇත. එහෙත් ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන තවත් පක්ෂ ගණනාවක මතය වී ඇත්තේ නව පනතක් මගින් මැතිසබය අනුමත කළ කොට්ඨාස ඡන්ද ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවයි. මේ ගැන මෙතෙක් ප්‍රධාන පක්ෂ අතර කිසිදු එකඟතාවක් නැත.

ඒ අතර පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය සමාලෝචන කමිටුව සිය වාර්තාව හමාරකර රජයට භාරදීමට සූදානම් කර තිබේ. ඉදිරියේදී එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කොට මැතිසබයට ඉදිරිපත් කළ යුතුය.
මැතිවරණ ක්‍රමය ගැන පක්ෂ මත විමසුමක් සිදුකරනු ඇත්තේ මෙම ක්‍රියාවලියට සමගාමීවය. රජය පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ලබන මාර්තු සහ මැයි මාස අතරතුර පළාත් පාලන ඡන්දය පවත්වන බවය. පක්ෂ මත විමසුම සිදුකොට ඊට ගැළපෙන ආකාරයට ඡන්ද ක්‍රමයේ තවත් සංශෝධන සිදුකළහොත් පළාත් පාලන ඡන්දය නැවතත් කල් යෑමට ඉඩ ඇතැයි දේශපාලන විශ්ලේශකයෝ පවසති. 

දේශපාලන වාර්තාකරු I