2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

යක්ෂයාගේ කාලේ බය නැතුව ඡන්ද තිබ්බා - මහින්ද රාජපක්ෂ

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 323

I දේශපාලන වාර්තාකරු

පසුගිය රජය යක්ෂයාගේ ආණ්ඩුවක් ලෙස ඇතැමුන් හැඳින්වුවත් ඒ යක්ෂයාගේ පාලනය තුළ ජනමතයට නොබියව නිසි වේලාවට මැතිවරණ පැවැත්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් දේශයට පැවසීය.

වත්මන් ආණ්ඩුවට හාල් පොල් මිලවත් පාලනය කරගත නොහැකිව රුවලක් නැති නැවක් සේ කිසිම පාලනයකින් තොරව ඔහේ ක්‍රියාත්මක වෙමින් ඇතැයි රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

හොරකම් වංචා දූෂණ නවත්වා යහපාලනයක් ඇතිකරන බවට පාරම්බෑ ආණ්ඩුව බැඳුම්කර මගඩිය වැනි මහා වංචා නිසා දූෂණයෙන් කප් ගසා ඇතැයිද කීය.

ජනමතය නොතකා ඡන්ද කල් දමමින් සිටි අතීත ආණ්ඩුවවලට ජනතාව ඉගැන්වූ පාඩම ළඟදීම වත්මන් රජයටත් ජනතාව විසින් උගන්වන බව සක්සුදක් සේ පැහැදිලි යැයිද හෙතෙම සඳහන් කළේය.