2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

අතුරුදන් කොමිසමට අයදුම්පත් කැඳවයි

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

දේශපාලන වාර්තාකරු |

ළඟදීම පත් කිරීමට නියමිත අතුරුදන්වූවන්ගේ කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් හා නිරීක්ෂකයන් තෝරාගැනීම පිණිස අයැදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීන්දු කළේය. ස්වාධීන ආයතනයක් සඳහා සාමාජිකයන් පත් කිරීමට අයැදුම්පත් කැඳවීම කලාතුරකින් සිදුවන සිදුවීමකි. කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම තීන්දුව ගෙන තිබේ.

එසේම අතුරුදන්වූවන්ගේ කොමිසම දඬුවම් ලබාදෙන ආයතනයක් ලෙස නොව කරුණු විමසා අගතියට පත්වූවන්ට සහන සලසන ආයතනයක් ලෙස ක්‍රියා කළ යුතු බවට ද විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෝ එකඟත්වයකට පත්ව සිටිති.