2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

පොලිස් උපසේවයෙන් පොලිස්පතිට නඩු

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

I ගයාන් ගාල්ලගේ

පොලිස් දෙපාර්තමේන්තුවට මීට වසර විස්සකට පෙර එක්වුණු තමන්ට ඉදිරියේදී ලබාදීමට සහ උසස්වීම් ක්‍රමවේදය නිසා විශාල අසාධාරණයක් වන බව පවසා පොලිස් උපසේවා නිලධාරීන් විසින් ජාතික පොලිස් කොමිසමට සහ පොලිස්පතිවරයාට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇත.

පොලිස් සේවයට උපසේවා නිලධාරීන් ලෙස බැඳුණු තමන්ට 2006 වසරේදී ස්ථීර සේවයට බඳවා ගත් බවත් ඒ වනවිට වසර 15ත් 20ත් අතර කාලයක් සේවය කර තිබුණු බවත් ඔවුහු සඳහන් කරති. එහෙත් නව උසස්වීම් ක්‍රමවේදය කරන ඔවුන් පොලිසියට බැඳුණු දිනය ලෙස 2006 වසරේ ස්ථීර වූ දිනය යොදාගෙන එතැන් සිට සේවා කාලය පරීක්ෂා කර බලා උසස්වීම් ලබාදීමට තීරණය කර ඇතැයි ඔවුහු කියති. එසේ වුවහොත් සේවා කාලය කුඩා කාලයක් වන නිසා උසස් වීම් අහිමි වන බව සඳහන් වේ.

මේ අසාධාරණය හේතුවෙන් පොලීසියට බැඳුණු නිලධාරීන් පොලිසියෙන් විශ්‍රාම යන විටද එකම තනතුරේ රැඳෙන්නට සිදුවී ඇති බව ඔවුහු කියති. ඒ නිසා ඊට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇතැයි ඔවුහු සඳහන් කරති.