2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ආණ්ඩුවට පාර පෙන්වන්න යූ.එන්.පියෙන් 18 ක්

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 333

ගයාන් ගාල්ලගේ |

ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්වමින් ඒවා නිවැරදි කොට පැහැදිලි ගමනක් යාම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නව වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇති බව රත්නපුර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී හේෂාන් විතානගේ (දේශයට) පැවසීය.

ආණ්ඩුව විසින් ජනතාවට සිදුවිය යුතු යුතුකම් පොරොන්දු නිවැරදි ලෙස ඉටුකිරීමටත් යම් හෙයකින් මගහැරී ගිය ඇතැම් වැඩපිළිවෙළවල් මතක් කොට නැවත ක්‍රියාත්මක කිරීමට බලකිරීමත් යන කාරණා මෙම කණ්ඩායම හරහා සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය.

ජනතාවගේ හඬට කන්දීම සඳහා මෙම කණ්ඩායම දැනටමත් ගමින් ගමට ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර ඇති බව මන්ත්‍රීවරයා කීය.