2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

මහින්ද ගැන විනය කතා එපා - ජනපති

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

I දේශපාලන වාර්තාකරු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම අනවශ්‍ය බවත් ඒ ගැන කතා කිරීමෙන් වළකින ලෙසත් ශ්‍රීල.නි.ප. මහලේකම් දුමින්ද දිසානායක මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දී තිබේ.

පසුගිය සඳුදා ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේ පැවති ශ්‍රීල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඔහු මේ බව පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකරන මන්ත්‍රීන්ට එරෙහිව ගතයුතු පියවර ගැන සාකච්ඡා කෙරෙද්දී හිටපු ජනාධිපතිවරයා විවිධ ජාතික හා ආගමික උත්සවවලදී පක්ෂයට හානිකර ප්‍රකාශ සිදුකර ඇති බැවින් ඔහු සම්බන්ධයෙන් පියවර ගතයුතු බව දුමින්ද දිසානායක මහතා ඇතුළු කිහිප දෙනෙක් පෙන්වා දී තිබිණි.

එවිට පක්ෂ මහ ලේකම්වරයාට රාජපක්ෂ මහතා සම්බන්ධව ඉහත උපදෙස් දුන් ජනාධිපතිවරයා පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත සම්බන්ධව කෙරෙන පරීක්ෂණ හමාර කර කඩිනමින් විනය පියවර ගෙන අවසන් කළ යුතු යැයි පෙන්වා දී තිබිණි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01