2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

දිස්ත්‍රික්ක 06 කට ජනතාව ඇලජික්

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

සංජීවිකා සමරතුංග |

ආණ්ඩුව සකස්කර තිබෙන ශ්‍රී ලංකාවේ නවතම ජාතික භෞතික සැලසුම අනුව දිවයිනේ ප්‍රධාන පෙළේ දිස්ත්‍රික්ක 6ක් තවදුරටත් මිනිසුන් පදිංචි කිරීම සඳහා (මානව ජනාවාස ඉදිකිරීම) යෝග්‍ය නොවන අනතුරුදායක ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන හා බස්නාහිර සංවර්ධන කටයුතු භාර ඇමැති චම්පික රණවක මහතා දේශයට කීය.

2018 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන මෙම සැලසුම අනූව ජනාවාස ඉදිකිරීම අනතුරුදායක වන්නේ කෑගල්ල, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුරය, නුවරඑළිය යන දිස්ත්‍රික්ක හයයි. මේ හැර කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා කොටසක්ද මිනිසුන් පදිංචි නොකළ යුතු අනතුරුදායක කලාපයක් ලෙස හඳුනාගෙන තිබේ. එබැවින් මෙබඳු ප්‍රදේශවල ජනතාව නැවත අලුතින් පදිංචි කිරීම ගැන රජය තීරණයක් ගත යුතුව ඇතැයි අමාත්‍ය චම්පික රණවක වැඩිදුරටත් කීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01