2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

රවීගේ වැඩේට ජෝන්ට මලපනී

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 563

I ගයාන් ගාල්ලගේ

දිස්ත්‍රික් නායකයා වූ තමාද දැනුම්වත් නොකර රවි කරුණානායක මන්ත්‍රීවරයා ඇතුළු පිරිස විවිධ වැඩසටහන් පවත්වා ජාඇළදී පක්ෂයේ....

ජ්‍යෙෂ්ඨයන් සමඟ ගැටුම් ඇතිකර ගැනීම පිළිබඳව තමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කළ බව සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා (දේශයට) පැවසීය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ආරාධනා නොකර පක්ෂයේ වැඩකටයුතු කිරීමත්, එසේම ඔවුන් පාක්ෂිකයන් ඉදිරියේ හෑල්ලු කිරීමත් ගැන තමන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ලෙස හෙළාදකින බව ඒ මහතා කීය.

මේ සියලු දෙනා කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට විසඳුමක් ලබාදෙන මෙන් තමන් අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැන්වූ බව අමරතුංග මහතා සඳහන් කළේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01