2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

අයවැයට පස්සේ ව්‍යවස්ථාව කරළියට

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

සංජීවිකා සමරතුංග |

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අය - වැය විවාදය හමාර වූ සැණින් මැතිසබයේ විවාදයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

මේ වසරේ අය - වැය විවාදය දෙසැම්බර් මස 9 දා හමාර වෙයි. ඉන් අනතුරුව වෙන් කෙරෙන දින තුනකදී යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත මැතිසබයේ සාකච්ඡා කිරීමට සැලසුම්කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ. ව්‍යවස්ථාව 2/3 බහුතර ඡන්දයෙන් සම්මත වුවහොත් එය ජනමත විමසුමක් සඳහා ඉදිරිපත් කෙරෙන දිනය දෙසැම්බර් පාර්ලිමේන්තු නිවාඩුවට පෙර තීන්දු කෙරෙනු ඇතැයිද කියවේ.

දැනට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තා පදනම් කරගෙන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුරේන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු කණ්ඩායමක් ව්‍යවස්ථා කෙටුම්පත ලිවීමේ කටයුතු සිදුකෙරෙන බව දැනගන්නට ඇත.