2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

වත්මන් ජනපතිට තව වායරක් දිය යුතුයි - ආචාර්ය ජයම්පති

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

I සකීෆ් සාම් තන්වීරි

එක්සත් ජාතික පක්ෂය සහ සෙසු පක්ෂ එකඟ වී මෛත්‍රීපාල සිරිසේන මහතාට දෙවැනි වාරයක් දියයුතු බව හා එම කාලය සඳහා පමණක් අලුත් ව්‍යවස්ථා යෝජනාවේ දැක්වෙන බලතලවලට අමතරව ජනාධිපතිවරයාටවිශේෂ බලතලද ලබා දියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී  එක්සත් වාමාංශික පක්ෂය නායක ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.

ජනවාරි අට වෙනසට හා සුසංයෝගී ආණ්ඩුවට නායකත්වය දුන් බැවින් වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම අගය කිරීම සඳහා තවත් වසර පහක කාලයක් ලබා දිය යුතු යැයි කී ඒ මහතා “විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ යුත්තේ 2025 වසරේදී  වන අතර එතෙක් විධායක ජනාධිපති ධූරය මෛත්‍රීපාල සිරිසේන මහතා හෙබවිය යුතුය.” යැයිද කීය.

එක්සත් වාමාංශික පක්ෂයේ හා ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායම මතය මෙය බව හා මෙවැනි යෝජනාවකට එක්සත් ජාතික පක්ෂයත් එකඟ විය යුතු යැයි මන්ත්‍රීවරයා කීය. ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේද සාමාජිකයෙකි.