2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

සෙනෙට් මණ්ඩලයට පළාත් සභා මන්ත්‍රීන්

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

I සකීෆ් සාම් තන්වීරි

නව ව්‍යවස්ථාවෙන් පළාත් සභා මන්ත්‍රීවරු 45 දෙනකුගෙන් හා පාර්ලිමේන්තුව විසින් නම් කරන 10 දෙනෙකුගෙන් සමන්විත දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවීමට ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව යෝජනා කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට දෙවැනි මණ්ඩලයේ තුනෙන් දෙකක එකඟත්වය හිමි විය යුතු බවද එම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටු යෝජනාවේ සඳහන් වෙයි. එමෙන්ම පාර්ලිමේන්තු තුළ දේශපාලන හේතූන් මත පනත් හදිසියේ සම්මත කරගැනීම වැළැක්වීම සඳහා දෙවැනි මණ්ඩලයට පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස්ද විමසිය යුතු යැයිද කියැවෙයි.

සෙසු රටවල්වල දේශපාලනයට පැමිණීමට කැමැත්තක් නොදක්වන විශේෂඥයන්ගේ දැනුම ලබාගැනීම සඳහා විවිධ විශේෂඥයෝ දෙවන මණ්ඩලයට පත් කෙරෙති. නමුත් මෙරට නව ව්‍යවස්ථා යෝජනාවේ දැක්වෙන්නේ මහ ඇමතිවරු 9 දෙනා ඇතුළු සෑම පළාත් සභාවකම තවත් මන්ත්‍රීවරැ 04 දෙනා බැගින් පත් කළ යුතු බවය

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01