2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

ව්‍යවස්ථා සම්පාදන රැස්වීමක්

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

රජිත ජාගොඩ ආරච්චි |

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගැනීමේ ක්‍රියාවලියේ මිළඟ පියවර වශයෙන් ඔක්තෝබර් මස අවසාන සතියේ දින කිහිපයක් පුරා විශේෂ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු සාමාජික හා එක්සත් වාමාශික පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න දේශයට පැවසීය.

ඔහු පෙන්වාදුන්නේ එම රැස්වීමේදී විධායක ජනාධිපති ක්‍රමය ඇතුළු ප්‍රධාන කරුණු රැසක් පිළිබඳ වැඩි අවධානයක් යොමුවනු ඇති බවය. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර අගමැති තනතුරට වැඩි බලතල පිරිනැමීමට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සෙසු පක්ෂ සහාය පළකර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට එකඟත්වය පළකොට නොමැත.